Mar 31, 2018

 ලතීෆ්ට මාරුවක් : එම ධූරය ප්‍රභූ ආරක්ෂකයකුට Featured

පොලිස් විශේෂ කාර්ය බලකාය පාතාලය මර්ධනයට පුළුල් මෙහෙයුම් ආරම්භ කිරීමක් සමඟ එහි අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ථ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

පොලිස් කොමිසමේ ඉහල නිලධාරියකුගේ හිටපු නියෝජ්‍ය පොලිස් පතිවරයකුගේ මැදිහත්වීමෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බවත් කිරීමට සැලැසුම්කර ඇති බවද පැවසේ.

ඒ වෙනුවට ප්‍රභූ ආරක්ෂාව භාරව කටයුතු කරන නිලධාරියකු ඒ සඳහා පත් කිරීමට සැලැසුම් කර ඇති බවද   ඔහුට මේවන විට ඒ සඳහා උසස්වීමක්ද ලබාදී ඇතැයි වාර්තා වේ.
 
කෙසේවුවද, එහුට උසස්වීමක් ලබාදීමේදී පවසා ඇත්තේ එම නිලධාරියා සාමාන්‍ය පොලිස් සේවයට බඳවාගන්නා බවයි.
 
ලතීෆ් මහතා විශ්‍රාමයාමට නියමිතව ඇත්තේ තවත් වසරක් හා මාස දෙකක කාලයකින් බව පැවසේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top