Apr 04, 2018

පාර්ලිමේන්තුව අසල දැඩි ආරක්ෂාවක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව අද (04දා) විවාදයට ගැනීමට නියමිත හෙයින් පාර්ලිමේන්තුව ආසන්නයේ ආරක්ෂාව තරකර තිබේ. කැරළි මර්දන ඒකකයද කැඳවා ඇති අතර   අමතර පොලිස් නිලධාරීන්ද යොදවා තිබේ.

එසේම මේ වන විට පාර්ලිමේන්තු වටරවුම හා රාජගිරිය ගුවන් පාලම ආසන්නයේද දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top