මර්වින් සිල්වා මහතා මෙසේද පැවැසීය.
"වත්මන් ආණ්ඩුවේ ජනාධිපති තනතුරට මෛත්‍රිපාල මහතා පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්දවලින් බව අප අමතක කළ යුතු නැහැ. අද මොකද වෙලා තියෙන්නේ "සෙවණට දුන්න ගසේ අතු සිඳලන්න එපා" යන උපමා කතාව සිහිපත් වෙනවා".
"එදා මැතිවරණයේදී අග්‍රාමාත්‍යවරයාට ඕනෑනම් ජනාධිපති පුටුවට තරග කිරීමට තිබුණා. එතුමා ඒක කළේ නැහැ. කාට කාටත් ඒවා ඔක්කෝම අමතකවෙලා තිබෙනවා. ජනාධිපතිවරයාට තනතුරෙන් ඉවත්වෙන්න කියලා බලපෑම් කරන්න එක්සත් ජාතික පක්ෂයට පුළුවන්. ඒත් අග්‍රාමාත්‍යවරයාට තනතුරෙන් ඉවත් වෙන්න කියලා බලපෑම් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට බැහැ"
"බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් එම වංචාව කළ වරදට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ වෙන්නේ කොහොමද කියල මං ප්‍රශ්න කරනවා. අග්‍රාමාත්‍යවරයා අර්ජුන මහේන්ද්‍රන්ට මහා බැංකු අධිපති තනතුර දුන්න පළියට රනිල් මහතාට දොස් කියන එක වැරදියි".
"මොනවා වුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි දක්ෂයෙක් කියලා සඳහන් කළාට වරදක් නැහැ" යැයිද හෙතෙම පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට සදාචාරාත්මක අයිතියක් නැතැයි හිටපු ඇමැතිවරයකු වන මර්වින් සිල්වා මහතා පවසයි.
Leave a comment
Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362