Apr 04, 2018

'ස්‌වාධීනව සිටින බව ජනපති කිව්වා' - අකිල කියයි Featured

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයේදී තමන් ස්‌වාධීනව සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්‌සත් ජාතික පක්‍ෂය වෙත පැවසූ බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.

ඇමැතිවරුන් වන මලික්‌ සමරවික්‍රම, රාජිත සේනාරත්න, මංගල සමරවීර, අර්ජුන රණතුංග යන ඇමැතිවරුන් සහ තමන් ජනපති නිල නිවසේදී ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව ඊයේ (03 දා) මේ බව ප්‍රකාශ කළ බවද හෙතෙම සඳහන් කළේය.

වත්මන් යහපාලන ආණ්‌ඩුව තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යැමට යෝජනා භාර දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

(දිවයින)

සබැඳි පුවත්

'විශ්වාස භංගයට මගේ බලපෑමක් නැහැ' - ජනාධිපති

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top