Sathosa

Apr 06, 2018

'අගමැති ආලවක යක්ෂයාට අහුවුණා වගේ'

විශ්වාසභංගයෙන් ජය ලැබීමට අගමැතිවරයා දෙමළ සන්ධානයේ කොන්දේසිවලට  එකඟවීම අලව් රජු ආලවක යකාට හසුවීම බදු භයානක සිදුවීමක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ කියති.

විශ්වාසභංගයේදී දෙමළ සන්ධානය අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලත් බවත් ඒ අනුව බලනවිට විශ්වාසභංගයෙන් ජය ලබා ඇත්තේද අගමැති නොව දෙමළ සන්ධානය බවත් විපස්සි හිමියෝ අවධාරණය කරති.

'දවසක් අලව් රජතුමා කැළයේ දඩයමේ යනවිට ආලවක යක්ෂයාට හසුවුණා. යකා රජ්ජුරුවන් මරාගෙන කන්න හැදුවා. රජු යකාට පිං සෙන්ඩු වුණා තමන් නිදහස් කරන්න කියලා. යකා රජු නිදහස් කළේ හැමදාම මිනිස් බිල්ලක් හා බත් මුලක් දෙන ‍පොරොන්දු මතයි. රජු මාළිගාවට ආවට පසු මේ ‍පොරොන්දුව දැන ගත් රාජ පුරුෂයන්, පුරෝහිතයන් රජුට කිව්වේ ඔබතුමා යකාගෙන් බේරුණා  ඒක නම් හොඳයි. ඒත් ‍පොරොන්දුව භයානකයි කියලයි. කොහොම නමුත් සිරකරුවකු බැගින් දිනපතාම යකාට බිල්ලට යවන්න රජුට සිදු වුණා.

එක් අයෙකුගේ බලය රැක ගැනීමට රටක් විනාශ කළයුතු නැහැ. දෙමළ සන්ධානයේ කොන්දේසි අතර ඉතා භයානක වගන්ති ඇති බවත් අද උතුරු නැගෙනහිර ඇතුළු රටේ ජනතාවට තිබෙන්නේ ජීවත්වීමේ ප්‍රශ්නය බැවින්  විසඳිය යුත්තේ එය බව උන්වහන්සේ කියා සිටියහ.

එසේම උතුරේ අයට පමණක් උතුරේ රැකියා දෙන ලෙස ඉල්ලනවා. උතුරු නැගෙනහිර දිස්ත්‍රික් ‍ලේකම්වරු ලෙස දෙමළ ජාතිකයන් පමණක් පත් කරන ලෙස දෙමළ සන්ධානය කොන්දේසි  දමා තිබෙනවා.

‍පොලිස්පති, අගවිනිසුරු ආදී ඉහළ තනතුරුත් දෙමළ ජාතිකයන් දැරුවා. අදත් රජයේ ඉහළ තනතුරුවල දෙමළ ජාතිකයන් ඉන්නවා. එහෙම තියෙද්දිත් මේ අය උතුරු නැගෙනහිර දෙමළ දිස්ත්‍රක් ‍ලේකම්වරුන් හතරක් ඉල්ලන්නේ ඇයි.

මේ අතිශය භයානක කොන්දේසි ඉටු කිරීමට අගමැතිතුමා සූදානම් නම් එය දේශපාලන දිවි නහගැනීමක් බවත් ඇත්තටම උතුරේ පවතින්නේ ජනවාර්ගික අර්බුදයක් නොව උස්පහත් බේදයක්  පමණක් බවත් එය විසඳා ගත්තාට ම්  කිසිදු ප්‍රශ්නයක් නැති බවත් උන්වහන්සේ පැවසූහ.

අදුරදර්ශි ක්‍රියා නිසා සියල්ල අවුල් වී යන බවද  හෑගොඩ විපස්සි හිමියෝ  කීහ.

(ලක්බිම ඇසුරින්)

සබැඳි පුවත් :

අගමැතිට ඉදිරිපත් කළ TNA යෝජනා මෙන්න

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top