'ආණ්ඩුවෙන් යන අයට බාධාවක් නෑ' - ඇමැති අමරවීර 'ආණ්ඩුවෙන් යන අයට බාධාවක් නෑ' - ඇමැති අමරවීර
Apr 10, 2018

'ශ්‍රීලනිප ඇමතිවරු රට අස්ථාවර කරනවා' - එජාපයෙන් චෝදනා ! Featured

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් කැබිනට් මණ්ඩල රැස්වීම වර්ජනය කරමින් ආණ්ඩුව හා රට අස්ථාවර කරමින් කටයුතු කරන බවට එක්සත් ජාතික පක්ෂය චෝදනා කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඊට සහභාගී වූ අමාත්‍යවරුන් කීප දෙනෙක් ඒ සම්බන්ධයෙන් දැඩිව අදහස් දක්වා ඇත.

මෙම ගැටලුව සිංහල-හින්දු අලුත් අවුරුද්දට පෙර නිරාකරණය කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී පවසා තිබේ.

Gamini Jayawickrama
'එජාපය ආණ්ඩුවක් හදන්න සුදානම්' - ගාමිණී 

ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ (අප්‍රියෙල් 10) පැවැත්වෙනු ඇතැයි 'බීබීසී සිංහල සේවයට' පැවසු අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා, ජනාධිපතිවරයා සමග සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමත් සමග ආණ්ඩුව පවත්වා ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව සඳහන් කළේය.

"ජනාධිපතිතුමාට ඕනෑකම තියෙනවා, සිංහල අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් කරලා ඉවරයක් කරන්න" ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

16 කණ්ඩායම තනතුරු වලින් ඉවතට !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටඑරෙහිව ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් දහසය දෙනා, තවදුරටත් එම පදවිවල රැඳී සිටීම සදාචාරමය නොවන හෙයින් මීළඟ පාර්ලිමේන්තු දිනය වන අප්‍රේල් 19 වෙනිදා විපක්ෂයේ අසුන් ගන්නා බව සඳුදා (අප්‍රියෙල් 09) බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය. 

කෙසේ වුවද, අප්‍රියෙල් 09 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්‌වීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන ගැඹුරින් සාකච්ඡා වී ඇති අතර, අප්‍රියෙල් 11 දින රැස්වෙමින් තවදුරටත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නියෝජිතයන් එකඟතාවක් ඇතිකර ගත් බවත් එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Mahinda amara 670px 25 02 1'ආණ්ඩුවෙන් යන අයට බාධාවක් නෑ' - ඇමැති අමරවීර

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) ප්‍රකාශ කර සිටියේ, ආණ්ඩුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට ඊට කිසිදු බාධාවක් නැති බවයි.

කොළඹ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා එම කාරණය අවධාරණය කළේය.

එක් කණ්ඩායමක් ලෙස ආණ්ඩුවේ රැඳි සිටීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව පැවැසූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කවුරුන් හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන්නේ නම් ඊට කිසිදු බාධාවක් නැතැයි ද එහිදී පැවැසීය.

කැබිනට් සංශෝධනය අවුරුද්දට පස්සේ !

සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු කැබිනට් මණ්ඩල සංශෝධනයක් නියත වශයෙන්ම සිදුවන බව කී අමාත්‍යවරයා මීළඟ කැබිනට් මණ්ඩල හමුවට පෙර ගැටලු විසඳාගන්නා බව ද කීය. 

''කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් මට නිශ්චිත දිනයක් කියන්න බැහැ. ඉදිරියේදී නැකැත් තියෙනවා. අවුරුද්ද එනවා. අවුරුද්දෙන් පස්සේ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුවේවි” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය. 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top