පසුගිය කාලයෙහි පැනනැඟුණු මෙම අන්තවාදී ව්‍යාපාරයන්ගේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් කළ විමර්ශනයක දී මෙම ව්‍යාපාරිකයන් සම්බන්ධ තොරතුරු හෙළිව ඇත.
ඇතැම් ව්‍යාපාරිකයන් තමන්ගේ ව්‍යාපාර ලාභය අරමුණු කොටගෙන තවත් තරගකාරී ව්‍යාපාරයකට එරෙහිව මෙම අන්තවාදී කණ්ඩායම් යොදවාගෙන ඇති අවස්ථා ගණනාවක් ද මෙහි දී හෙළිව තිබේ.
විශේෂයෙන්ම රෙදිපිළි ව්‍යාපාරිකයන් ගණනාවක්ම මෙලෙස අන්තවාදීන්ට මුදල් ලබා දීම සිදු කර ඇති බවත් ඇතැම් ප්‍රදේශයක වෙනත් ජන කොටස් ව්‍යාපාරික කටයුතුවල නියැළීම වළක්වාලීම වෙනුවෙන් ප්‍රචණ්ඩකාරී කටයුතු කිරීම සඳහා මුදල් ගෙවීම සිදුව ඇති බවත් හෙළිව ඇත.
එසේම එක්තරා දේශපාලකයකු ද මෙලෙස ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගෙන වෙනත් ජන කොටස්වලට අයත් ව්‍යාපාරිකයන්ට එම ව්‍යාපාරික කටයුතු සිදු කිරීම වළක්වා ඇත.
(සුභාෂ් ජයවර්ධන)