Pasidol

Sathosa

Apr 12, 2018

ගුවන් හමුදාපතිගේ නෝනට ඇල්ලූ කුඩේ ලෙඩකට හිටී !

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වාර්ෂිකව පැවැත්වෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු පොළ පෙරේදා (10 දා) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මූලස්‌ථාන පරිශ්‍රයේදී පැවැත්විණ.

කෑම, බීම. රෙදිපිළි සහ අලුත් අවුරුද්දට අවශ්‍ය කරන විවිධ දේ එම ස්‌ථානයේදී දක්‌නට ලැබූ අතර ගුවන් හමුදාව විසින් කාබනික පොහොර යොදා වගාකරන එළවළු වර්ග ද මෙහි අලෙවි කෙරිණ.

 මෙම අවස්‌ථාවට සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයම්පති මහත්මියද පැමිණ සිට ඇති අතර ගුවන් හමුදා නිලධාරියකු ඇය පසුපස යමින් හිරු රශ්මියෙන් ඇයව ආරක්ෂා කිරීමට කුඩයක් අල්ලන අයුරු පුවත්පත්වල පලවීමත් සමඟ ඒවා සමාජ ජාලය තුළද කතා බහක් නිර්මාණය කර තිබේ.

අදාළ ජායාරූපය පහත දැක්වේ. (ඡායා - දිවයින)

mainre700


ගුවන් හමුදා මාණ්‌ඩලික ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල්, සුමංගල ඩයස්‌, නියෝජ්‍ය මාණ්‌ඩලික ප්‍රධානි එයාර් වයිෂ් මාර්ෂල් මොහාන්ද සොයිසා සුබසාධක අධ්‍යක්‍ෂ එයාර් කොමදොaරු මාරිස්‌ටෙලා, කොළඹ කඳවුර භාර අණදෙන නිලධාරී එයාර් කොමදොaරු වරුණ ගුණවර්ධන, සිවිල් පරිපාලන අධ්‍යක්‍ෂ අනෝමා විඡේසූරිය යන මහත්ම මහත්මීහු විශාල පිරිසක් ද මේ අවස්ථාවට‌ එක්‌ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top