Apr 18, 2018

එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලෝක උරුමයන් අතරට ! Featured

ශ්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්මය පිළිබඳ සංවිධානය මගින් ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ලොව අලුතින් හඳුනාගත් ගෝලීය වශයෙන් වැදගත් වන කෘෂිකාර්මික උරුමයන් 14 ටද එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ඇතුළත්කර ඇත.

මෙය නිල වශයෙන් නම් කිරීමේ ජාත්‍යන්තර උත්සවය අනිද්දා දින (19) ඉතාලියේ, රෝමයේදී පැවැත්වීමට නියමිත වේ.

එහිදී පිළිගැනීමට ලක්වන සෙසු කෘෂිකාර්මික ස්ථාන අයත් රටවල් වන්නේ චීනය, ඊජිප්තුව, කොරියානු ජනරජය, මෙක්සිකෝව, පෘතුගාලය, ස්පාඤ්ඤය සහ ජපානයයි.

ලෝක ආහාර සහ කෘෂිකාර්මික සංවිධානය මගින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ, ලොව වටිනා කෘෂිකාර්මික උරුමයන් ආරක්ෂා කිරීම, ජෛව විවිධත්වය සහ සංස්කෘතිය සුරැකීම මෙන්ම ප්‍රතිරෝධී පරිසර පද්ධති නිර්මාණය කිරීම ය.

ලංකාවේ වාරි කර්මාන්තය සම්බන්ධ පුළුල් අදහසක් පහත වීයෝවෙන් - දර්ශන අනුග්‍රහය (රූපවාහිනිය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top