Pasidol
Sathosa Ad Final Sinhala
Apr 22, 2018

සමාගම් ලියාපදිංචියට E-ROC එයි !

සමාගම් සහ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම සඳහා මෙතෙක් පවත්වා ගෙන ගිය සාම්ප්‍රදායික ක්‍රමය වෙනුවට පැය 24 කින් ප්‍රතිඵල ලබාදෙන නවීන ඉලෙක්ට්‍රෝනික ක්‍රියාපටිපාටියක් හඳුන්වා දිමට රජය සූදානම් වෙයි. 

E-ROC (electronic registration of companies) යනුවෙන් නම් කර තිබෙන ක්‍රමය යටතේ ප්‍රමාදයකින් තොරව සමාගම් සහ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමට අවස්ථාව ලැබීමට අමතරව අන්තර්ජාතික ප්‍රමිතියකින් යුත් සේවාවක් ලබා ගැනීමටත් අවස්ථාව උදාවන බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

1938 දී ආරම්භ කෙරුණු සමාගම් ලියාපදිංචිය එවකට යටත්විජිත බාර ලේකම් කාර්යාලය යටතේ පැවති අතර එවකට සමාගම් 1861ක් ලියාපදිංචි කර තිබිණ. 

සාමාන්‍යයෙන් මේ වනවිට සමාගම් 80.000ක් ලියාපදිංචි කර තිබෙන අතර එක් දිනකට සමාගම් ලියාපදිංචිය සඳහා 50ක් පමණ අයදුම්පත් ඉදිරිපත් වෙයි.

ප්‍රමාදයකින් තොරව සමාගම් ලියාපදිංචි කිරීම සම්පූර්ණයෙන් විද්යුත් ඔන් ලයින් ක්‍රමයට ක්‍රියාත්මක වන්නට යන්නේ ප්‍රථම වතාවටය. 

මේ යටතේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවේ සිට එහි අදියර වශයෙන් සිදුවන ක්‍රියාපටිපාටිය අවසානයේ පැය 24 ක් ඇතුළත අයදුම්කරුට තමා කට්යුතුවල ප්‍රගතිය දැනගත හැකිය.

(සිළුමිණ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top