Pasidol
Sathosa Ad Final Sinhala
''ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට මැතිවරණයට ඉදිරිපත් වෙමු'' - රාජිතගේ යෝජනාවක්  ''ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට මැතිවරණයට ඉදිරිපත් වෙමු'' - රාජිතගේ යෝජනාවක් 
Apr 22, 2018

ඉදිරි මැතිවරණවලට එජාප - ශ්‍රීලනිප පොදු සන්ධානයක් ! Featured

නව පුර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දීමෙන් පසු එක ගමනක් යමින් ඉදිරි මැතිවරණ ඉළක්ක කර ගනිමින් රජය නව වැඩපිළිවෙළක් දියත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය හා රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඊයේ (21) පස්වරුවේ පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසිය.

 “නව කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක හැදැරීමක් යටතේ සකස් කර තිබෙනවා. පුර්ණ කැබිනට් මණ්ඩලයක් තමයි දිවුරුම් දෙන්නේ. දැනට සකස් කර ඇති කැබිනට් මණ්ඩලය පිළිබද ලේඛණය ජනාධිපතිවරයා මහා බ්‍රිතාන්‍ය යේ සිට පැමිණි පසු සාකච්ඡා කිරීමෙන් අනතුරුව දිවුරුම් දීමට නියමිතයි. 

පළාත් පාලන මැතිවරණයේදීත් මම යෝජනනා කළා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට මැතිවරණයට ඉදිරිපත් වෙමු කියලා. නමුත් ඊට වඩා ලොකු පණ්ඩිතයෝ හිටියා අපට දේශපාලනය උගන්වන්න.

 යෝජනාව අග්‍රාමාත්‍යවරයා පිළිගත්තත් ජනාධිපතිවරයා ලග සිටි නීතිඥවරුන් වෙන මතයක් දැරුවා. එම නිසා තමයි අන්ද මන්ද ඡන්ද ප්‍රතිඵලයක් ලැබුනේ. 

අපි අමාත්‍යධූරවල හැමදාම ඉන්නේ නැහැ. නමුත් අමාත්‍යධුරයෙන් සමුගන්නා කාලය දිර්ඝ කර ගැනීමට වැඩකළ යුතුයි. ඡන්ද ප්‍රතිඵලයත් සමග සියල්ල තේරුම් ගැනීමෙන් පසු දැන් වැඩ කරන්න පටන් අරන්. 

ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩු බලය ගන්න බැහැ :

ඒකාබද්ධ විපක්ෂයට වසර 2020 පැවැත්වෙන මැතිවරණය ජයගන්න බැහැ. මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඡන්ද නොමැතිව ඔවුන්ට සියයට 50 ක් ගන්න බැහැ. 

වත්මන් රජය සියලුම බලවේග ඒකාබද්ධ කර ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කරනවා. පාඩම් ඉගෙනගෙන තිබෙන නිසා හොද ගමනක් යන්න පුලුවන්. අපි බෙදී වෙන්වී ඡන්ද කළොත් පරාද වෙනවා. එකමුතුව ජයගත යුතුයි. ජනතාවට නිවැරදි වැඩපිළිවෙළක් දියත් කරනවා”

Rajitha Donation 1

Rajitha Donation 2

Rajitha Donation 3

Rajitha Donation 4

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top