Pasidol
Sathosa Ad Final Sinhala
Apr 22, 2018

ලංකාවේ පාස්පෝට් එකේ පිළිගැනීම පල්ලම් බැහැලා ? Featured

වසර 2018 “ග්ලෝබල් පාස්පෝට් පවර් රෑන්ක්” (Passport Power Rank - Index 2018) නම් දර්ශකය අනුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සඳහා රටවල් 100ක් අතරින් 94 වැනි ස්ථානය හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු සංඛ්‍යාව 39ක් වන අතර එසේ ලකුණු 39ක් ලබාගත් බංග්ලාදේශය, ඉරානය හා එරිත්‍රියාවේ විදෙස් ගමන් බලපත්‍රයටද හිමිව ඇත්තේ 94 වැනි ස්ථානයයි.

SL PS1

ලකුණු 164ක් ලබාගත් සිංගප්පූරුව එම දර්ශකයේ පළමු ස්ථානයේ පසුවන අතර ලකුණු 163ක් ලබාගත් දකුණු කොරියානව එහි දෙවැනි ස්ථානයේත්, ලකුණු 162 බැගින් ලබාගත් ජර්මනිය හා ජපානය එහි තෙවැනි ස්ථානයේත් පසුවේ.
 
SL PS2
 
එම දර්ශකයේ අංක 100 හිමිව ඇත්තේ ලකුණු 25ක් ලබාගත් ඇෆ්ගන්ස්ථානයටය. සෝමාලියාව 96 වැනි ස්ථානයේත්, සිරියාව 97 වැනි ස්ථානයේත්, පාකිස්තානය 98 වැනි ස්ථානයේත්, 99 වැනි ස්ථානයේ ඉරාක විදෙස් ගමන් බලපත්‍රයටත් හිමිව ඇත.
 
දර්ශකය වර්ගීකරණය කිරීමේදී නිදහස් ප්‍රවේශය (Free Entry) මත පදනම්ව ඒ සඳහා ලකුණු ලබාදීම සිදුකරන අතර යම් ගමන් බලපත්‍රයකට රටවල් වැඩි ගණනකට ප්‍රවේශ විය හැකි නම් වැඩි ලකුණු ප්‍රමාණයක් හිමිවේ.
 
මේක රටක ජනතාවගේ පිළිගැනීමේ දර්ශකයයි - ආගමන විගමන පාලක 
 
කෙසේවුවද, මේ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් නිහාල් රණසිංහ මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම දර්ශකය මගින් යම් රටක ජනතාවට ලබාදෙන පිළිගැනීම දැක්වෙන බවයි.
 
එය වැඩිකර ගැනීමට නම් අදාළ රටෙහි ආර්ථික සමාජීය සංවර්ධනය වැඩි දියුණු කළ යුතුය.
 
මේ දර්ශකය මගින් විදේශ ගමන් බලපත්‍රයක අන්තර්ගතය, ස්වභාවය, මුද්‍රණය කර ඇති ආකාරය ආදිය පහළ මට්ටමක ඇතැයි අදහස් නොකරන බවද ඔහු පවසා ඇත. 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top