Pasidol

Sathosa

Apr 22, 2018

සංගීතයේදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා මරාදමයි

අත්තනගල්ල ව්‍යාපාරික සංගමය හා තරුණ කැල සංවිධානය කළ සංගීත සංදර්ශනයකදී සිදු වූ වෙඩි තැබීමකින් හෙයියන්තුඩුවේ ව්‍යාපාරිකයකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

අලුත් අවුරුද්ද නිමිත්තේ පැවැති අවුරුදු උත්සවය අවසානයේ මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර තිබුණි. 

මියගිය ව්‍යාපාරිකයා පස් ව්‍යාපාරකය හිමිකරුවකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. 

තුවාල ලැබූවන් වතුරපිටිවල රෝහලට ඇතුළත් කර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(ලංකාදීප)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top