Pasidol

Sathosa

Apr 22, 2018

කෝටි 14ක හොරු අල්ලද්දී කොමසාරිස්ට මාරුවක් ! Featured

මධ්‍යම පළාත් සභාවේ සමූපකාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සමූපකාර සමිති තුළ සිදුව ඇති රුපියල් කෝටි 14කට අධික මහජන මුදල් වංචාවන්ට අදාළව පරීක්ෂණ සිදුකළ මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් එන්.එස්. සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර තිබේ.

ධුරයෙන් ඉවත් කළ එම නිලධාරියා පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුයුක්ත කළ අවස්ථාවේ ඔහු එම ධුරය භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

අනතුරුව පළාත් රාජ්‍ය පරිපාලන සේවයද ප්‍රතික්ෂේප කරමින් තමාව මධ්‍යම රජයේ ආයතනයකට යොමු කරවන ලෙස හෙතෙම මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මියට දැනුම් දී තිබිණි.
 
මෙම මූල්‍ය වංචාව පිළිබඳව ලිපිගොනු තම භාරයට ගෙන පරීක්ෂණ ආරම්භ කිරීමට සූදානම් වද්දී තමාට ප්‍රබලම දේශපාලන බලපෑම් එල්ලවී තමන් දැරෑ ධුරයෙන් ද වෙනත් ධුරයකට මාරැවී යෑමට සිදුවූ බව පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් එන්.එම්. සේනාධීර මහතා ප්‍රකාශ කරයි.
 
මෙම නිලධාරියා ධුරයෙන් මාරු නොකරන ලෙස මධ්‍යම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා නිලධාරිනියන් රැසක් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගෙන් ද හිටපු පළාත් ආණ්ඩුකාරවරියන්ගෙන් ද කොතෙකුත් ඉල්ලීම් කළත් ප්‍රබල දේශපාලන හස්තයක් ඊට වඩා බලවත් වීම නිසා ඔහු දැරූ ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් රාජ්‍ය බලධාරීහු පියවර ගෙන ඇති බව පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top