රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නකි. රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නකි.
Apr 23, 2018

'රාජාසන කතාව ගැන කතාව බොරුවක්'!

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන මැයි මස 08 වන දා රාජාසන කතාව අවසානයේ පැවැත්වෙන ඡන්ද විමසීමකදී එය පරාජය වීමෙන් ආණ්ඩුව හෝ කැබිනට් මණ්ඩලය හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරෙන බවට සමහර ජනමාධ්‍යයන්හි පළවූ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම සාවද්‍ය, පදනම් විරහිත සහ නොමඟ යවන සුළු ඒවා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමෙන් පසු නව සැසිවාරය 2018 මැයි 08 වන දින කැඳවීමට නියමිතය. 

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රජයේ ප්‍රතිපත්ති ඇතුළත් රාජාසන කතාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් එය අවසානයේ අවශ්‍ය නම් ඡන්දයක්‌ ඉල්ලා සිටිය හැකි අතර ඒ අනුව විපක්‍ෂය විසින් ඒ සඳහා ඡන්ද විමසීමක්‌ ඉල්ලා සිටීමට නියමිත බවත්, එහිදී එම රාජාසන කතාව පිළිබඳව පැවැත්වෙන ඡන්ද විමසීමේදී රජය පරාජය වුවහොත් අගමැතිවරයා ඉල්ලා අස්‌විය යුතු අතර නව අගමැතිවරයකු හා නව කැබිනට්‌ මණ්‌ඩලයක්‌ පත්කර ගැනීමට සිදුවන බවත්, රාජාසන කතාව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති අවුරුදු හතර හමාරේ සීමාව අහෝසි වන බවත් සඳහන් වර්තා සමහර ජනමාධ්‍ය විසින් පළ කර තිබිණි.

එම වාර්තා සාවද්‍ය සහ පදනම් විරහිත මෙන්ම මහජනයා නොමග යවන සුළු ඒවා බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පාර්ලිමේන්තු සැසිවාරයක් ආරම්භ කරන අවස්ථාවේදී රාජ්‍ය නායකයා විසින් රජයේ ප්‍රතිපත්ති පිළිබඳව රාජාසන කතාවක් පැවැත්වීම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ පවතින්නකි. 

වර්තමානයෙහි ක්‍රියාත්මක වන දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ රාජාසන කථාවක් පිළිබඳ ප්‍රතිපාදන අඩංගුව නොමැත.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී රාජ්‍ය නායකයා විසින් රාජාසන කථාවක් පැවැත්වීම වර්තමානයෙහි සම්ප්‍රදායයක් පමණකි. 

එම රාජසන කථාව පිළිබඳ විවාදය ආණ්ඩුවේ හෝ කැබිනට් මණ්ඩලයේ පැවැත්ම කෙරෙහි කිසිසේත් බලපාන්නේ නැත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top