Pasidol
Sathosa
Apr 23, 2018

'ජනපතික්‍රමය අහෝසි කිරීමට විරුද්ධයි' - පිවිතුරු හෙළ උරුමය

 විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධව තම පක්ෂය විරෝධය පළකරන බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් තුෂාර දිසානායක මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය මේ සම්බන්ධව ස්ථීර ප්‍රකාශයක් නිකුත් කර නැති බවයි.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට උත්සාහ කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, මේ සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් රැස්වීම්වලදී තම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top