Pasidol

Sathosa

Apr 23, 2018

එජාප ප්‍රතිසංවිධාන රැස්වීම හෙට : නව තනතුරු 26ක්  Featured

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුව හෙට (24) යළි රැස්වීමට නියමිතව තිබේ.

හෙට පස්වරු 3.30ට පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වේ.

එහිදී පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
 
නව තනතුරු 26ක් 
 
එ.ජා.ප. ප්‍රතිසංවිධානයේදී නව තනතුරු 26ක් පමණ නිර්මාණය කෙරෙනු ඇතැයි එම පක්ෂයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
 
පසුගියදා පැවැති දේශපාලන මණ්ඩල රැස්වීමේදී පක්ෂ මහලේකම්වරයා පක්ෂ නායකයාගේ අභිමතය පරිදි තෝරාගන්නට තීන්දු කැරිණි. 
 
එහෙත් පක්ෂයේ නියෝජ්‍යනායක, උපනායක හා ජාතික සංවිධායක, භාණ්ඩාගාරික ධුරය ඇතුළු සෙසු තනතුරු සඳහා ඡන්දයෙන් සුදුස්සන් තෝරා ගැනීමට දේශපාලන මණ්ඩලය තීරණය කළේය. 
 
අලුත් තනතුරු 26ට පෙර නම් කෙරෙයි
 
මේ අතර, ලබන 26 වැනිදා වන විට එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කළ හැකිවනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටී.
 
ඒ මහාතා වැඩිදුරටත් පවසන්නේ ලබන 26 වැනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සියල්ල තීන්දුවනු ඇති බවයි.
 
පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවෙන්ද ඊට සහය ලැබෙනු ඇතැයි ඔහු අපේක්ෂා කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top