Pasidol
Sathosa Ad Final Sinhala
Apr 24, 2018

ෆේස්බුක් සෙට් එකක් ගොඩගම යකා නටයි Featured

අම්බලන්ගොඩ ගොඩගම උත්සව ශාලාවක්‌ තුළ පැවති ෆේස්බුක් මිතුරු සාදයක්‌ අතරතුරදී ගංජා, අබින්, හසීස්‌ මත්පෙති හා මුද්දර ළඟ තිබූ එකළොස්‌ දෙනකු සමග මත්ද්‍රව්‍ය තොගයක්‌ මීටියාගොඩ පොලිසිය මගින්  අත්අඩංගුවට ගෙන ඇත.

බළපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් මහතාගෙන් ලබාගත් හදිසි සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම කරන අවස්‌ථාවේ 200-250 පමණ පිරිසක්‌ සිටි බව පොලිස්‌ නිලධාරීන් පවසයි. ඔවුන් අතරින් එකොළොස්‌ දෙනකු ළඟ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මිතුරු හමුවට උත්සව ශාලාවට ඇතුළු වීමට රුපියල් තුන් දහසක්‌ ගෙවා අත්පළදාවක්‌ ලබාගත යුතු අතර පළඳනාව නැති අය උත්සව ශාලාවට ඇතුළත් කරගෙන නැත.

වැටලීම් කරන අවස්‌ථාවේ රූමත් තරුණ තරුණියන් සිටි බව පවසයි. පසුගිය 21 වැනි දින කොස්‌ගොඩ ප්‍රදේශයේ මෙවැනි හමුවක්‌ තිබී ඇති අතර 22වැනි දින ගොඩගමදී මෙම හමුව පැවති බව සැකකරුවන් පවසයි.

ඇල්පිටිය භාර පොලිස්‌ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව, සහකාර පොලිස්‌ අධිකාරි සමන් පුස්‌සැල්ල මහතාගේ උපදෙස්‌ මත සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන බවත් තවත් විශාල මත්ජාවාරමක මොළකරුවකු සොයා ගැනීමට හැකි බව පොලිස්‌ ස්‌ථානාධිපති එම්. ටි.එම්. තුෂාර මහතා පවසයි.

අම්බලන්ගොඩ - බෙන්තොට කොස්‌ගොඩ මීටියාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් සමඟ නිලධාරීන් 50 දෙනකු මෙම වැටලීම සිදුකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top