Pasidol
Sathosa Ad Final Sinhala
Apr 24, 2018

පුපුරණ ද්‍රව්‍ය දමා ඇල්ලූ ලොරි 3ක මාළු 6ක් එක්ක අල්ලයි !

නිලාවේලි මුහුදේ පුපුරණ ද්‍රව්‍ය යොදා මරණ ලද මාළු කිලෝ 1,843 ක් ලොරි තුනකින් ප්‍රවාහනය කිරීමට සුදානම් කරමින් සිටියදී සැකකරුවන් හය දෙනෙකු ද සමඟ අද (24) නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාවට ලැබුණු තොරතුරක් අනුව මේ වැටලීම සිදු කර ඇති බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. සී. බෝයගොඩ මහතා පැවැසීය.

පුපුරණ ද්‍රව්‍ය යොදා මරන ලද මෙම මසුන් පොඩවකට්ටු ප්‍රදේශයේ ධීවර වාඩියකට රැගෙන විත් ලොරි වලට පටවමින් සිටියදී නාවික හමුදාව හා එක්ව මුලින්ම ලොරි රථ 2ක් අත් අඩංගුවට ගත් බවත්, එක් ලොරියක් පලාගිය බවත් ඔහු කීය.

පසුව ගෝමරන්කඩවල, කුච්චවේලී හා පුල්මුඬේ පොලිසි වල සහය ලබා ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව එම ලොරිය ගෝමරන්කඩවල පොලිස් බල ප්‍රදේශයේදී පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. එම්. මහීපාල මහතා ඇතුළු නිලධාරින් විසින් අත් අඩංගුවට ගෙන ධීවර නිලධාරින්ට භාර දුන් බව ඔහු කියා සිටියේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන්  සයදෙනා සහ මසුන් තොගය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමට නියමිත බවද පැවසේ.

maalu1

maalu2

maalu3

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top