Pasidol
Sathosa Ad Final Sinhala
Apr 25, 2018

ශ්‍රීලනිපය ඊයේ රාත්‍රී ගනු ලැබූ තීන්දු මෙන්න ! Featured

ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉවත් වන්නේද නැද්ද යන්න තීරණය කිරීම එළැඹෙන 08 වැනිදායින් පසු පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී තීරණය කිරීමට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ (24) රාත්‍රී තීන්දු කර තිබේ.

පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයද ඇතුළුව පක්‍ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කිරීමටද එම මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

එකී ප්‍රතිසංවිධානය කෙරෙන්නේ කෙසේදැයි සාකච්ඡා කිරීම මැයි 08 දිනයෙන් පසු පැවැත්වෙන පළමු මධ්‍යම කාරක සභාවේදී සිදු කිරීමටද තීරණය වී තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවති මධ්‍ය කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ආණ්ඩුවේ දරන ලද ධුරයන්ගෙන් ඉවත් වූ 16 දෙනාට විපක්ෂයේ අසුන් ගැනීම සදහාද ජනාධිපතිවරයා විසින් එහිදී අනුමැතිය දී ඇත.

මැයි 07 දා මඩකලපුවේ චෙන්කලඩි හි පැවැත්වෙන මැයි දින රැළියට ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ ශ්‍රීලනිප කණ්ඩායම් දෙකම සහභාගී වීමට ද මෙහිදී තීරණය විය.

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රී අටට පමණ ආරම්භ වූ අතර එය රාත්‍රී 10.30 පමණ වන තෙක් පැවැත්විණි. 

මධ්‍යම කාරක සභා රැස්වීමට පෙර ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් ජනපති නිල නිවසේදී පැවැත්විණි.

Chandimaweerakkodi 670px 02 03 17විපක්‍ෂයේ අසුන් ගත්තේ ආණ්‌ඩුව පෙරළීමේ අරමුණින්” - චන්දිම වීරක්‌කොඩිආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හිටපු ඇමැතිවරුන් 16 දෙනා ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගැනීමට ගත් තීරණයට ජනාධිපතිවරයා ගෙන් යහපත් ප්‍රතිචාරයක්‌ ලැබුණු බව පැවසු හිටපු ඇමැති චන්දිම වීරක්‌කොඩි මහතා, ආණ්‌ඩුවෙන් ඉවත් වූ ඇමැතිවරුන් දාසය දෙනා අතරින් කිසිවකු නැවත ආණ්‌ඩුවට නොයන බවත් ආණ්‌ඩුවේ සිටින තවත් පිරිසක්‌ විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත බවත් කීවේය.

රටේ බහුතර ජනතාව කියන්නේ ආණ්‌ඩුව වෙනස්‌ විය යුතු බවද විපක්‍ෂයේ අසුන් ගත්තේ ආණ්‌ඩුව පෙරළීමේ අරමුණින් බවද පැවසූ චන්දිම වීරක්‌කොඩි මහතා මේ ආණ්‌ඩුව යම් යම් හොඳ දේවල් සිදු කළ ද 2020 දී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ආණ්‌ඩුවක්‌ බිහි කිරීමට තමන් ඇතුළු පිරිස කැපවී කටයුතු කරන බව ද කීවේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top