Pasidol

Sathosa

''නියෝජ්‍ය නායක ධුරය සඳහා ඕනෑම අවස්ථාවක ඡන්දයකට මුහුණ දීමට සුදානම්'' - සජිත් ''නියෝජ්‍ය නායක ධුරය සඳහා ඕනෑම අවස්ථාවක ඡන්දයකට මුහුණ දීමට සුදානම්'' - සජිත්
Apr 25, 2018

සජිත්, රනිල්ගේ නායකත්වය පිළිගනී : අවසන් තීන්දුව අද ! Featured

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේදී වැඩසටහන යටතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගන්නා බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහතික කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී  ඊයේ රාත්‍රී එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණයෙන් යුතුව පවසා ඇත්තේ, සිය  නියෝජ්‍ය නායක ධුරය සඳහා ඕනෑම අවස්ථාවක ඡන්දයකට මුහුණ දීමට තමා සුදානම් බවය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය්යේ යාව ජීව නායකත්වයක් හෝ යාව ජීව නියෝජ්‍ය නායකත්වයක් හෝ යාව ජීව උප නායකත්වයක් තිබිය නොහැකි යැයි ද එම තනතුරු සඳහා නායකයින් ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු යැයි ද යනුවෙන් විදුලි බල සහ පුනර්ජනනීය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා දේශපාලන මණ්ඩලයේදී දැඩි ලෙස යෝජනා කර සිටි අවස්ථාවේදීය.

දේශපාලන මණ්ඩලය අදත් රැස්වේ :

කෙසේවුවද, තෙවනවරට ඊයේ (24දා) සවස අරලියගහ මැඳුරේදී රැස්වූ එජාප දේශපාලන කමිටුව,  එ.ජා. පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වී තිබේ.

ඒ අනුව මේ සම්බන්ධව තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් අද (25දා) සවස 5ට නැවතත් සිදුකරන බව පැවසූ දේශපාලන මණ්ඩල සාමාජික නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා, එ.ජා.ප. තනතුරු සම්බන්ධව දේශපාලන මණ්ඩලය මඟින් ඉදිරිපත් කරන නිර්දේශයන් පිළිබඳව යම් එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් හෙට (26දා) දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායමේ ඡන්දයෙන් එම තනතුරු සම්බන්ධ අවසන් තීරණයකට පැමිණීමට එකඟ වූ බවයි.

ඊට අමතරව ඇතැම් තනතුරු එජාප නායකත්වය විසින් පත්කිරීමටද එකඟතාවකට පැමිණි බව මේ පිළිබඳව මාධ්‍යට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත මහතා සඳහන් කළේය.

ඒ අනුව එජාප නියෝජ්‍ය නායකත්වය, උප නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව හෙතෙම කීය.

කෙසේ වෙතත් එජාප මහ ලේකම්, සභාපති, භාණ්ඩාගාරික සහ අලුතින්ම පත් කිරීමට නියමිත නව ලේකම් තනතුරු 03ක් ඇතුළු සෙසු තනතුරු රහස් ඡන්දයකින් පත් කර ගැනීමටද මේ වනවිට වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top