Pasidol
Sathosa Ad Final Sinhala
Apr 25, 2018

ලොකු තාත්තා කිරිකැටියා කෙළෙසයි

වයස අවුරුදු 06 ක් වන කුඩා පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදුකළ බව කියන 40 හැවිරිදි අයෙකුව පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් පසුගිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 45 හැවිරිදි අයෙකි.

පල්ලම - නාගවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු අවිවාහක අයෙකු බව විමර්ශනවලදී හෙලිවී ඇත.එමෙන්ම සැකකරු අතවරයට පත්ව ඇති දරුවාගේ පියාගේ වැඩිමහල් සහෝදරයාද වේ.

දරුවා පාසලට රැගෙන යාම සහ ආපසු නිවසට කැදවාගෙන ඒම සැකකරු විසින් නිතර සිදු කර ඇත.පසුගිය 23 වැනිදා දහවල් සැකකරු දරුවාව පාසලින් නිවසට කැදවාගෙන විත් ඇති අතර ඒ වන විට දරුවාගේ මව්පියන්ද නිවසේ සිට ඇත.එම අවස්ථාවේදී සැකකරු මෙම අපරාධය සිදු කර ඇති බව පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දරුවා වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top