Pasidol
Sathosa Ad Final Sinhala
Apr 25, 2018

විද්‍යාගේ සොහොයුරියට රජයේ රස්සාවක්

ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරිය වන  නිෂාන්ති සිවලෝගනාදන් මෙනවිය වෙත සංවර්ධන නිලධාරි පත්වීමක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන්  ඊයේ(24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඇය යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණියකි.

පසුගිය වසරේදී ජනාධිපතිතුමා වව්නියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියගේ නිවසට ද ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනවිය වෙත මෙම පත්වීම ලබාදීමට කටයුතු කර තිබේ.

විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවිණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වති ශිවලෝගනාදන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top