Pasidol

Sathosa

Apr 25, 2018

රැමිස් ටීම් කොමිස් වැඩක ? Featured

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් පිරිසක් විනිවිද භාවයකින් හා ප්‍රමිතියකින් තොරව අතරින් පතර තෝරා ගත් ලිපි ගොනු කිහිපයක් පමණක් විගණනයට ලක්කරමින් විගණකාධිපතිවරයාද නොමඟ යවා ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙසේ විගණකාධිපතිවරයා නොමඟ යැවීමට මුල්ව ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ රැමිස් (Ramis) ක්‍රමයට පක්ෂ පිරිසක් බවද පැවසේ.

මේ අතර,  2015/2016 තක්සේරු වර්ෂයේ ආදායම් බදු වර්තා ලබන මැයි 30 වැනිදාට කාල කඩඉමට ලක්වන බවද වාර්තා වේ.

රැමිස් (Ramis) ක්‍රමයට පක්ෂ පිරිස උපක්‍රමශීලීව විශාල බදු ගෙවන්නන්ගේ ලිපිගොණු කාලකඩඉම පසුකර යාම සඳහා වටපිටාව නිර්මාණය කර ඇති බවත්, ඇතැම් නිලධාරීන් එවැනි විශාල බදු ගෙවන්නන්ගෙන් ඒ සඳහා වාසි ලබාගන්නා  බවත් පැවසේ.

අදාළ, කණ්ඩායමේ ක්‍රියා පටිපාටිය හේතුවෙන් එහි සේවකයන් විශාල පීඩනයකට ලක්ව ඇති බවත්, ඉදිරියේදී මේ කාරණා වෘත්තීය සමිති හරහා එළියට පැමිණිය හැකි බවත්, එහි සේවකයකු ශ්‍රී ලංකා මිරර් සමඟ කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top