Pasidol

Sathosa

Apr 25, 2018

මැයි දිනයේ ශ්‍රීලනිප මඩකළපුවට

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින උත්සවය පක්ෂයේ සභාපති,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මැයි 7 වැනි දා මඩකලපුවේ දී පවත්වන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී අද (25) පෙරවරු පැවති එම පක්ෂයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි පෙළපාළියක් මෙවර නොපැවැත්වීමට තීරණය කර ඇතැයි ද සමරසිංහ මහතා කීය.

මැයි දින උත්සවයට සමගාමීව කම්කරු නායකයන් සමරා විශේෂ සම්මන්ත්‍රණයක් පැවත්වීමට පක්ෂය තීරණයක් ගත්තා යැයි සමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top