Pasidol
Sathosa Ad Final Sinhala
Apr 25, 2018

වෑන් - ලොරි මුහුණට මුහුණ ගැටී 1ක් මරුට 6ක් රෝහලේ

පුත්තලම - කොළඹ මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී ලොරියක් සහ වෑන්  රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් පුත්තලම මූලික රෝහලට අතුළත් කර ඇත.

අද දහවල් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් මිය ගොස් සහ තුවාල ලබා ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් සිටි පිරිස බව පොලීසිය කියයි.

අනතුරට පත්ව ඇති වෑන් රථය කොළඹ දෙස සිට පුත්තලම දෙසට ගමන් කරමින් තිබී ඇත.

ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණ ඇති ලොරියේ වෑන් රථය ගැටීමෙන් පසුව වෑන් රථය මාර්ගය මැද පෙරළී ගොස් ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ පුත්තලම - උසාවිය පිටුපස පදිංචිව සිටි ග්‍රේට් ඇනීෂියා (අවු:65) නම්වූ කාන්තාවකි.

ජූඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top