Pasidol

Sathosa

Apr 25, 2018

වට්ස් ඇප් භාවිතා කිරීමේ වයස උස්සයි !

යුරෝපා කලාපයේ, වට්ස් ඇප් අන්තර්ජාල පණිවිඩ සේවය භාවිත කළ හැකි පුද්ගලයින්ගේ අවම වයස් සීමාව වයස අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට එම සමාගම පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.

ෆේස්බුක් සමාගමට අයත් වට්ස් ඇප්, ඇප් එක සඳහන් කළේ යුරෝපා සංගමය ඉකුත් මැයි මාසයේදී හඳුන්වාදුන් දත්තවල පෞද්ගලිකත්වය සුරැකීමේ රෙගුලාසි අනුගමනය කරමින් මෙම පියවර ගත් බවයි.

මේ අනුව මීට පසු වට්ස් ඇප් භාවිතා කිරීමේදී යුරෝපා සංගමයේ රටවල දිවිගෙවන පුද්ගලයින්ට සිය වයස තහවුරු කිරීමට සිදුවනු ඇති බවද පැවසේ.
 
මීට පෙර වට්ස් ඇප් භාවිත කළ හැකි අවම වයස් සීමාව ලෙස සටහන් වූයේ වයස අවුරුදු 13 ය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top