Pasidol

Sathosa

Apr 26, 2018

නියගයෙන් මුහුදුකරේට දැඩි බලපෑම්

පවතින දැඩි නියගය සහ මුහුද රළුවීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව මහත් අපහසුතාවකට පත්ව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් නිකුත් කර ඇති  නිවේදනයක සඳහන් වේ.

ඒ අනුව මෙම නියගයෙන් පවුල් 66,448 ක පුද්ගලයින් 2,16,670 ක් සහ  මුහුද රළු වීමෙන්  පවුල් 25 ක පුද්ගලයින් 78 දෙනෙකු පීඩාවට පත්වී සිටී.

නියගය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ හලාවත සහ ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7769 ක පුද්ගලයින් 29,252 කු පීඩාවට පත්ව සිටී.ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10,174 ක පුද්ගලයින් 26,715 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සදහන් කරයි.

කරුවලගස්වැව ,පල්ලම ,නවගත්තේගම, මහවැව ,වනාතවිල්ලුව ,මාදම්පේ මූන්දලම පුත්තලම සහ ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පුද්ගලයින්  පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ජුඩ් සමන්ත- පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top