Pasidol
Sathosa Ad Final Sinhala
Apr 26, 2018

වියානා ඇලට අදත් බිල්ලක්? අනතුරට පත්වූවන් අතුරුදන්

බදුල්ල ප්‍රධාන මහියංගන මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක්  අද (26) උදෑසන 5.00 ට පමණ එම මාර්ගය අතරතුර පිහිටි වියානා ඇළට මාර්ගයේ මාපාකඩ 08 කණුව ප්‍රදේශයේදී  මහවැලි ඇළට පෙරළී  අනතුරට ලක්ව ඇතැයි මහියංගන පොලීසිය පවසයි.

ඇළ මාර්ගයට පෙරළී ගිය මෝටර් රථය පෙරළීගිය ස්ථානයට  මීටර් කීපයක් පහළින් පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව අද උදෑසන ගොඩ ගත් බවද පොලීසිය පවසයි.

අනතුරට පත් මෝටර් රථය ගොඩ ගනු ලැබූවත් එහි ගමන් ගත් පුද්ගලයින්ට සිදුවූවේ කුමක් දැයි යන්න තෙක් අණාවරණය වී නොමැත.

අනතුරට ලක්ව ඇත්තේ හිගුරක්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහියංගන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙම මෝටර් රථය අනතුරට ලක්වු ස්ථානයේදීම මීට මාස කීපයකට ඉහතදී ද මෝටර් රථය දෙකක්  හා ත්‍රීවීල් රථයක් අනතුරට ලක්වීමෙන් හය දෙනෙකුට දිවි අහිමි විය.

ඡායා-අද

2018 04 26 Viyana Ela Accident 8

2018 04 26 Viyana Ela Accident 9

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top