Pasidol
Sathosa Ad Final Sinhala
Dec 12, 2016

'නිලමේගේ කේස් එක' ගැන පොලිස් කොමිසම සාකච්ඡා Featured

දූෂණ චෝදනා ලබා සිටින 'නිලමේ' නමැති සැකකරුවකු අත්අඩංගුවට නොගන්නා බවට ප්‍රසිද්ධියේ ප්‍රතිඥා දුන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳව ජාතික පොලිස් කොමිසම තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව 'බීබීසී සංදේශය' වාර්තා කරයි.

මේ සාකච්ඡාවලින් අනතුරුව පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සහ පොලිස්පතිවරයාට එල්ල වන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ ස්ථාවරය ඉතා ඉක්මනින්ම ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

දහ නම වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව ක්‍රියාකිරීමට පොලිස්පතිවරයාට පූර්ණ බලතල තිබෙන බව කොමිසමේ ඇතැම් සාමාජිකයන්ගේ ස්ථාවරය වී තිබේ.

පසුගියදා ප්‍රසිද්ධ වේදිකාවක අදහස් දක්වමින් සිටින අතරවාරයේ 'සර්' නමින් හැඳින්වූ පුද්ගලයකුගේ දුරකථන ඇමතුමකට පිළිතුරු දුන් පොලිස්පතිවරයා 'නිලමේ' නම් පුද්ගලයා අත්අඩංගුවට නොගන්නා බව සහතික කළේය.

sagalaandoujitha

පොලිස්පතිවරයා 'සර්' නමින් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාට විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ පැවසීය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව :


පොලිස්පතිවරයා 'නිලමේගේ කේස් එක' නමින් හැඳින්වූයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ හිටපු බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා පිළිබඳව බව 'දූෂණ විරෝධී පෙරමුණ' පසුගියදා මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේය.

මේ තත්වය යටතේ පොලිස්පතිවරයාට එරෙහිව පියවර ගන්නා මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙන බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

පසුගිය සිකුරාදා පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ව්‍යවස්ථා සභාව එම තීරණයට එළඹ තිබෙන බවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.


ඇමතිට උපදෙස් දුන් 'සර්' ?


කෙසේවුවද සාගල රත්නායක මහතාගේ හිතවතුන් පවසන්නේ ඉහල දේශපාලනඥයකු කල ඉල්ලීමක් මත ඇමතිවරයා විසින් පොලිපතිවරයා ගෙන්  'නිලමේ' සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ පිළිබඳව කරුණු විමසා ඇති බවයි.

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් සශීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ සමීප හිතවතකු වන ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා මේවනවිට ශ්‍රීලනිප මෛත්‍රීපාල පාර්ශ්වයේ ප්‍රධානින් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වන බවද වාර්තාවේ.

ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර මහතා, පොලිසිය බාර අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ද සමීප හිතවතෙකි.

සබැඳි පුවත් :

පුජිත ගැන තීන්දුවක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාව රැස්වේ !


රාජපක්ෂවරු බේරන්න ඇමැතියෙක් බරටම වැඩ

සාගල, පූජිත පච වූ නිලමෙගේ පැටිකිරිය

'දුරකථන ඇමතුම දුන්නේ සාගල' - පොලිස්පති

සාගල ඉල්ලා අස්විය යුතුයි - ජනපති උපදේශක

පොලිස්පති ඉවත් කරන්නැයි ජනපතිට බලපෑම් !

පොලිස්පතිගේ හැසිරීම වැරදියි-ජනපති

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top