Pasidol
Sathosa Ad Final Sinhala
Apr 27, 2018

බාල තේ හැදූ කම්හලක් වටලයි

ප්‍රමිතියෙන් තොර තේ නිෂ්පාදනය කළ පුද්ගලික තේ කර්මාන්තශාලාවක් වටලා සැකකාර පුද්ගලයෙකුව රංගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රංගල, ගැටගහවෙල ප්‍රදේශයේ පිහිටි අදාළ කර්මාන්තශාලාව ප්‍රමිතියෙන් තොර තේ නිපදවන බවට ලද තොරතුරක් මත මහනුවර විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් හා ගම්පොළ ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර තිබේ.

එහිදී තේ දළු ඇඹරීමේ දී එයට මුසු කරන ද්‍රව්‍යයක් බවට සැක කරන ලද ලික්විඩ් ග්ලූකෝස් කිලෝ 300 බැගින් අඩංගු ප්ලාස්ටික් බැරල් 38ක් හා ලික්විඩ් ග්ලුකෝස් යොදා අඹරන ලද බවට සැක කරන තේ දළු පාර්සලයක් සමග කර්මාන්තහාලාවේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකි.

එම සැකකරු අද(27) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top