Pasidol
Sathosa
Apr 27, 2018

මිරිස්සට STF කෑම්ප් එකක් !

වැලිගම මිරිස්ස ප්‍රදේශයේ තාවකාලික පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් පිහිටුවා තිබේ.

ඒ, ප්‍රදේශයට පැමිණෙන සංචාරකයින්ගේ ආරක්ෂාව වෙනුවෙනුවෙන් මෙම කඳවුර පිහිටුවා ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ, පසුගියදා මිරිස්ස ප්‍රදේශයේදී සංචාරකයින් පිරිසකට පහර දීමේ සිද්ධිය මීට ආසන්නතම හේතුව වූ බවය.

මුහුදු තීරයේ සිටින දෙස් විදෙස් සංචාරකයින්ට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින්ට වෙරළේ ගමන් කළ හැකි රථ ද ලබා දී තිබේ.

ත්‍රිකුණාමලය සහ ආරුගම්බේ ප්‍රදේශවල ද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු 2ක් ස්ථාපිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top