Pasidol
Sathosa
Apr 27, 2018

සුරා ඇස ආච්චිට කළ අපරාධය

වයස අවුරුදු 70 ක් වන වයෝවෘද්ධ කාන්තාවක් බලහත්කාරයෙන් දුෂණය කළ බව කියන 43 හැවිරිදි සැකකරුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.

ඊයේ (26) වැනිදා දහවල් 2.00 ට පමණ මදුරන්කුලිය - වේළුසුමනපුර ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුවී ඇත.

අතවරයට පත්ව ඇති කාන්තාව දෙදරු මවකි.ඇයගේ සැමියා මිය ගොස් ඇති අතර,දරුවන්ද විවාහ වී වෙනම වාසය කරන බව කියති.කාන්තාව ජීවත්වී ඇත්තේ තනිවමය.

සිද්ධිය වූ දින අධික ලෙස බීමතින් කාන්තාව සිටි නිවසට පැමිණ ඇති සැකකරු මුලින්ම ඇයට අතින් පයින් පහර දී පසුව අතවරය සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.සැකකරුද එම ප්‍රදේශයේම පදිංචි විවාහක අයෙකි. ඔහුට එක දරුවෙකු සිටින අතර බිරිද හැර ගොස් ඇති බව කියයි.

අධික ලෙස බීමත් කම හේතුවෙන් මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය කියයි.අතවරයට පත්ව ඇති කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.මුන්දලම පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මව්සන් මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

ජුඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top