Apr 27, 2018

රංගේ බංඩාරගේ ශබ්ද විකාශනෙන් ආණමඩුව රත්වෙයි

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ආරම්භ කර සුළු වේලාවකින් ශබ්ද විකාශන යන්ත්‍ර නොමැති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් අද (27) සභාව කල්  තැබුහ.

මංගල සැසිවාරය සඳහා සියලුම පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රිවරුන් සියලු දෙනා පැමිණ සිටි අතර සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතා විසින් සියලු දෙනා පිළිගෙන සභාවේ කටයුතු ආරම්භ කළ නමුත් මද වේලාවකින් තමන්ට සභාවේ කිසිදු දෙයක් ඇසෙන්නේ නැති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු චෝදනා කළහ.

එහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර ඇතිවු වචන හුවමාරුව නිසා සභාවේ එකම කාලගොට්ටියක් බවට පත්වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ එල්.අනුෂ්ක ප්‍රියශාන්ත මහතා විසින් රාජ්‍ය ඇමැති පාලිත  මහතාගේ කාර්යාලයේ තිබු  ශබ්ද විකාශන යන්ත්‍රයක් සභාවට රැගෙන ඒමත් සමඟ සභාව තවත් උණූසුම් විය.

කිසිදු යෝජනාවක් සම්මත කිරිමක් සිදු නොවු අතර ශබ්දවාහිනි ගැටලුව නිසා ප්‍රථම මංගල සැසිවාරය කල් තැබීමට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සිදුවිණි.

සභාව කල් තැබීමත් සමඟ ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන දොරටුව ආසන්නයේ රැදි සිටි පිරිසක් නව සභාපතිවරයාට හු කියමින් රතිඤ්ඤා පත්තුකර විරෝධය පළ කළේය.

ඡායා-ලංකාදීප

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top