Apr 28, 2018

16 කණ්ඩායමේ තුනක් යළි ආණ්ඩුවට ! Featured

නව කැබිනට්‌ මණ්‌ඩලය පත් කිරීම ප්‍රමාද වන්නේ ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ ඇමැතිවරුන් තිදෙනකු නැවත ආණ්‌ඩුවට එක්‌වීමට කැමැත්ත පළ කර සිටින නිසා යෑයි ආණ්‌ඩුව නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක්‌ 'දිවයින' පුවත්පතට ප්‍රකාශකර තිබේ.

ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ල. නි. ප. 16 දෙනාගෙන් නැවත ආණ්‌ඩුවට පැමිණෙන මෙම තිදෙනාට කැබිනට්‌ ඇමැති ධුර ලබාදීමට මේ වනවිට සාකච්ඡා කරමින් සිටින නිසා මෙසේ කැබිනට්‌ සංශෝධන ප්‍රමාද වී ඇති බවත් ලබන පාර්ලිමේන්තු සැසිවාරයේදී හෝ ඊට පෙර මෙම තිදෙනා නැවත ආණ්‌aඩුවට එක්‌වීමට බොහෝදුරට ඉඩ ඇති බවත් ඇමැතිවරයා සඳහන් කර ඇත.

මෙම තිදෙනාට අමතරව තවත් පිරිසක්‌ ආණ්‌ඩුවට එක්‌ කර ගැනීමට සාකච්ඡා කරන බව පවසන හෙතෙම එසේ නොවී ඔවුන් විපක්‌ෂයේ අසුන් ගතහොත් එය ශ්‍රී ල.නි.ප. යට දැඩි බලපෑමක්‌ සිදුවන බවද කියා සිටියි.

කැබිනට් සංශෝධනය මැයි 01දා !

මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, නව කැබිනට් මණ්ඩලය පත්කිරීම කම්කරු දිනය දා උදෑසන සිදුකරන බවයි.

ඊයේ (27දා) පස්වරුවේ දඹුල්ල ශ්‍රී වළගම්බා පිරිවෙන් විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

ඒ හරහා මහා සංඝරත්නය ඉදිරිපත්කර ඇති ගැටලුවලට විසඳුම් ලැබෙන බවත් ජනපතිවරයා පැවැසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top