Pasidol
Sathosa Ad Final Sinhala
Dec 12, 2016

සෙංකෝලේ මංකොල්ල කෑමේ දඬුවම සති අටට නගියි Featured

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවසන් කෙටුම්පත පසුගිය 10 වැනිදා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළේය.

අදාළ ස්ථාවර නියෝග අතරට පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ තබා ඇති සෙංකෝලය ස්පර්ශ කරන ඔසවන මංත්‍රීවරයකුගේ පාර්ලිමේන්තු සේවය සති අටකට අත්හිටුවීමේ බලයක්ද ඇතුළත්කර තිබේ.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙනස්වන්නේ වසර 20කට පසුව වීමද විශේෂිතය.

කෙසේවුවද මේ කෙටුම්පත පාර්ලිමෙන්තුවට ඉදිරිපත්ව ඇත්තේ වසර දෙකක සාකච්ඡාවලින් පසුව බවද පැවසේ.

මීට අමතරව අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමටද කොටසක් වෙන්කර තිබේ.

ඒ අනුව සෑම මසකම පළමුවන රැස්වීම් සතියේදී බදාදා දින වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කොට ඇති කාලයෙන් විනාඩි 30ක කාලයක් අගමැතිවරයාගෙන් ප්‍රශ්න ඇසීමට හැකි අතර එසේ ප්‍රශ්න ඇසිය හැකි ප්‍රශ්න ගණන 4කි.

ජන්ද ගැනීමේදී විද්‍යුත් ඡන්ද සටහන් කිරීමේ යන්ත්‍රයක් භාවිතා කිරීමට හැකිවන පරිදි ස්ථාවර නියෝග වෙනස් කිරීමට ද කෙටුම්පත් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top