May 02, 2018

'විද්‍යාත්මක' කැබිනට් සංශෝධනය විගඩමක් - ජවිපෙ

නව කැබිනට් මණ්ඩල සංශෝධනය හවුල් ආණ්ඩුවේ තවත් විගඩමක් බවත් ඉන් රටේත් ජනතාවගේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

විද්‍යාත්මක පදනමක් මත කැබිනට් මණ්ඩල සංශෝධනය සිදුකිරීමට විෂයන් මාරු කිරීමෙන් පමණක් ඵලක් නොවන බවත් ඒ අයගේ ජානමය වෙනසක්ද ඒ සමග සිදුවිය යුතු බවත් විජිත හේරත් මහතා කියා සිටියි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා,

“විද්‍යාත්මක පදනමක් මත කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නම් මේ අයගේ ජාන වෙනස් වෙන්න ඕනෑ. පේන විදියටනම් එහෙම ජාන වෙනස් වෙලා නැහැ. මේකෙන් ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැහැ.

දැන් ගෑස් මිළ 245ක්න් වැඩියි. බඩු මිල වැඩියි. රුපියල බාල්දු වෙලා. උපාධිධාරීන් 52,000ක් රැකියා නැතුව ඉන්නවා. මේවා තමයි ජනතාවට තියෙන ප්‍රශ්න. ඒ ප්‍රශ්නවලට උත්තරයක් නැහැ.

මේ තරහ වෙනවට යාළුවෙනවට ඇමතිකම් දීලා නිකං මහ විහිළුවක් කරලා. ජනතාව රවට්ටන වැඩක් මෙතන කරලා තියෙන්නේ. මේක මහ විගඩමක්. මේකෙන් කිසි ප්‍රයෝජනයක් රටට වෙන්නේ නැහැ. මේක ලෝක විහිළුවක්.” යැයිද ප්‍රකාශ කළේය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top