Sathosa

May 02, 2018

"ආවා කල්ලිය" යළි සක්‍රිය වෙයි?

යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෲප්' කල්ලියේ බවට සැකකරන තරුණයන් දෙදෙනකු යාපනයේ කොකුවිල් ප්‍රදේශයේ නැටුම් විෂය උගන්වන ගුරුවරියක පෙරේදා (30) දා සවස කඩුවලින් කපා තුවාල සිදු කොට පලා ගොස්‌ තිබේ.

මේ තරුණයන් දෙදෙනා යතුරුපැදියකින් පැමිණ ගුරුවරිය කපා දමා ඇත්තේ ඇගේ නිවස තුළදීමය.

 කඩුවලින් කැපීම නිසා ඇය බරපතළ ලෙස තුවාල ලබා යාපනය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

 තුවාල ලත් ගුරුවරිය යාපනයේ කොකුවිල පළාතේ පදිංචිකාරියක වන අතර ඇය සේවය කරන්නේ කිලිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ බව යාපනය පොලිසිය කියයි.

 තරුණයන් දෙදෙනා ගුරුවරිය කඩුවලින් කපා දැමීමට හේතුව කුමක්‌ දැයි මෙතෙක්‌ අනාවරණය වී නැත.

 සැකකාර තරුණයන් දෙදෙනා මේ අපරාධය සඳහා ගුරුවරියගේ නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ සිද්ධියට මුහුණ දුන් ගුරුවරිය හා ඇගේ වයෝවෘද්ධ මව පමණක්‌ බව පොලිසිය කියයි.

 මේ ප්‍රහාරය සඳහා පැමිණි තරුණයන් දෙදෙනාගේ ඡායාරූපයක්‌ සී. සී. ටී. වී. කැමරාවක ආධාරයෙන් යාපනය පොලිසිය විසින් සොයාගෙන ඇත. යාපනය පොලිසිය සිද්ධිය ගැන පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

මේ අතර පසුගිය දිනවල යළි "ආවා" කල්ලිය සම්බන්ධව සැක කෙරෙන අපරාද කිහිපයක් වාර්තා විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top