May 02, 2018

ඉරණතිව් බලාගිය නඩේ පසුපස ඩග්ලසුත් යයි

කිළිනොච්චියේ ඉරණතිව් දූපතට ගොස්‌ පදිංචි වී සිටින 300 පමණ වූ වැසියන් සඳහා ආහාර ඇතුළු සෙසු උපකරණ ලබාදීමට වහාම පියවර ගන්නා මෙන් ඊ. පී. ඩී. පී. සංවිධානයේ නායක ඩග්ලස්‌ දේවානන්ද මහතා එම පක්‍ෂයේ කිළිනොච්චිය දිස්‌ත්‍රික්‌කයේ සියලු දෙනාටම දැනුම් දී ඇත.

මේ දැනුම් දීමත් සමඟම දේශපාලනඥයන් ඇතුළු පිරිසක්‌ අත්‍යවශ්‍ය ආහාර ද රැගෙන 30 වැනිදා සවස ඉරණතිව් දූපත වෙත පිටත්ව ගොස්‌ තිබේ.

 කිළිනොච්චියේ  දූපතේ කලින් පදිංචිව සිටි බව කියන 300 ක පමණ පිරිසක්‌ පසුගිය 23 වැනිදා බෝට්‌ටුවල ආධාරයෙන් ඉරණතිව් දූපත වෙත ගොස්‌ එහි රැඳී සිටිති.

 එසේ ගිය පිරිසෙන් කොටසක්‌ මේ වනවිට ඉරණතිව් දූපතේ බලහත්කාරයෙන් පදිංචි වී සිටින අතර ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම ආහාර, ඖෂධ ඇතුළු සෙසු උපකරණ රැගෙන යාමට ඊ. පී. ඩී. පී. සංවිධානය ක්‍රියාකොට තිබේ.

 ඉරණතිව් දූපත නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන අතර ඔවුන් එම කඳවුර නිරීක්‌ෂණ මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් පවත්වාගෙන යයි.

එහි කලින් පදිංචිව සිටියේ යැයි කියන වැසියන් ඔවුන්ගේ ඉඩම් ආපසු ඉල්ලා සිටියත් නාවික හමුදාව පවසන්නේ ඔවුන් කඳවුරක්‌ ඉදිකරගෙන සිටින්නේ රජයෙන් නාවික හමුදාවට ලබාදුන් භූමියක බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top