Sathosa

May 02, 2018

"අලිවත්තේ අසිතගේ” මගුලට ආරක්ෂාව දුන්නේ කැලණියේ SSP ? Featured

පොලිස් බුද්ධි අංශ වාර්තාවක් මුල් කරගෙන පාතාල නායකයකු වන "අලිවත්තේ අසිතගේ” විවාහයට ආරක්ෂාව ලබාදුන් බවට ආරක්ෂාව දීමට සම්බන්ධ වූ පොලිසිවල ඉහල නිලධාරීන් කියා සිටිය ද අදාළ වාර්තාවෙන් දක්වා ඇත්තේ එම විවාහයට පැමිණෙන පාතාල නායකයින් සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස යැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙකු ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කිරීමට ද සූදානම් වන බව පැවසේ.

මෙම වාර්තාව වැරදි ලෙස භාවිතා කිරීමට මූලිකව ඇත්තේ කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා බවද මේ අතර වාර්තා වේ.

කලක සිට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඔහුට එරෙහිව ක්‍රියාකිරීමට කටයුතු නොකිරීම මෙවැනි තත්ත්වයක් උදාවීමට හේතුව බව නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙකු ජාතික පොලිස් කොමිසමට පැවසීමට සූදානමින් සිටින බව පැවසේ.

කෙසේවුවද, පොලිස්පතිවරයා කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට එරෙහිව නොයන්නේ, පොලිස්පතිවරයා විසින් එරාවුල් පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් දන ගැස්වීයැයි කියන සිද්ධිය අවස්ථාවේදී එරාවුර් පොලිස් අධිකාරීවරයාව සිටියේ වත්මන් කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයා බවත්, ඒ අවස්ථාවේදී ඔහු විසින් පොලිස්පතිවරයා බේරා ගැනීමට කටයුතු කළ බවත්, ඊට කෘතුගුණ සැලැකීමට පොලිස්පතිවරයා මෙසේ කටයුතු කරන බවටද පොලිස් නිලධාරීන්ගෙන් චෝදනාවක් එල්ලවී තිබේ.

යම් පොලිස් කොට්ඨාසයක විශාල අල්ලස් සිද්ධියක් වාර්තාවුවහොත් එම කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරුවීමක් ලබාදීම සාමාන්‍ය ක්‍රමය වුවත්, කැලණිය කොට්ඨාසය තුළ එවැනි අල්ලස් සිද්ධීන් 3ක් වාර්තාවුවද අදාළ කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාට ස්ථානමාරුවීම් නොලැබුණ බවද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top