May 02, 2018

DO පුහුණු කාලය එක් වසරයි

රැකියා විරහිත උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.

එහි අතිරේක ලේකම් අසංග දයාරත්න මහතා සඳහන් කළේ, ඉන් තෝරා ගත් උපාධිධාරීන් 20000කට ලබන ජූනි මාසයේදී පත්වීම් ලබා දෙන බව ය.

කෙසේ වෙතත් එලෙස බඳවා ගන්නේ, 2016 දෙසැම්බර් මස 31 හෝ ඊට පෙර උපාධිය ලබා ගත් පිරිස් පමණක් බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර වසර දෙකක්ව තිබූ ඔවුන්ගේ පුහුණු කාලය වසරක් දක්වා අඩු කිරීමට ද රජය තීරණය කර තිබේ.

ඒ අනුව පුහුණු කාලයෙන් අනතුරුව රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් එම 20000ට හිමි වන අතර එතෙක් මාසිකව ඔවුන්ට රුපියල් 20000ක දීමනාවක් ලබා දෙන බව ද අතිරේක ලේකම්වරයා සඳහන් කළේ ය.

දිවයින පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී පැවති සම්මුඛ පරීක්ෂණවලට උපාධිධාරීන් 57000ක් පමණ සහභාගී වූ බව ද ඔහු පැවසුවේ ය.

ඉතිරි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ආකාරය පිළිබඳව තීරණය කළ යුත්තේ රජය බව අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

උපාධිධාරීන් මැයි 08 දා මහ පාරට

කෙසේ වෙතත් වයස 35 වැඩි අයදුම්පත් හා 2016.12.31පසු අයදුම් කරැවන් ඉවත් කර ඇති අතර වර්ෂ පිලිවෙලට බදවාගැනිම් සිදු කරන ලෙස කළ උපාධිධාරී සංගම් කළ ඉල්ලිම් සදහා ඉඩක් ලැබී නොමැති බව වාර්තා වේ.

ජනපතිවරයා සියලු උපාධිධාරීන්ට රැකියා ලබා දෙන බව පවසා අවසානයේ අසාර්ථක සම්මුඛ පරීක්ෂණයකින් අනතුරුව සීමිත පිරිසකට පත්වීම් ලබා දීමට සූදානම් වන බව ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරීන්ගේ සංගමය කියා සිටියි.

මේ වන විට වත්මන් ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ බලාපොරොත්තු සුන් ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බව  එම සංගමය කියා සිටියි. එයින් නොනැවතී ආණුඩුව උපාධිය මෙන්ම පශ්චාත් උපාධිය ද බාල්දු කරමින් සිටින බවත් ඔවුන් සදහන්කර සිටියි.

මේ හේතුවෙන් උපාධිධාරීන් 57000ටම  රැකියා අයිතිය දිනා ගැනීම සදහා සියලු උපාධිධාරීන් මැයි 08 දා මහ පාරට බසින බව එම සංගමය කියා සිටියි.

සබැඳි පුවත් :
''DO සම්මුඛ පරීක්ෂණය: අසාර්ථකම සම්මුඛ පරීක්ෂණයක්''

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top