May 03, 2018

15 දාට කලින් ශ්‍රීලනිපයේ තනතුරු වෙනසක් !

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම තනතුරුවල ප්‍රතිසංවිධානයක් මේ මස 15 දාට පෙර සිදු කරන බව, ජනාධිපතිතුමා ප්‍රකාශ කළ බැවින්, එම ප්‍රතිසංස්කරණය සිදු කෙරෙන තෙක් අපි බලාගෙන ඉන්නවා" යැයි, හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

"පසුගියදා සිදු කළ කැබිනට් සංශෝධනය දෙස බැලීමේදී, ආණ්ඩුව වෙනස් ගමනකට සූදානම් බවට සුවඳක්වත් නැතැ"යි හෙතෙම සඳහන් කළේය.

"එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් පසුගියදා සිදු වුණා. පක්ෂයේ බොහෝ දෙනකු එම ප්‍රතිසංවිධානය කෙරෙහි පැහැදීමක් නැහැ. කලකිරුණු විශාල පිරිසක් ඉන්නවා. ශ්‍රීලනිපයේ අප සමඟ එකතු වීමේ අපේක්ෂාවක් ඒ අය තුළ තිබෙනවා." හිටපු ජනාධිපතිවරයාට යුද්ධය ජයග්‍රහණය කිරීම පිණිස සහාය දැක්වීමට එදා එජාපයේ මන්ත්‍රිවරුන් පිරිසක් එකතු වුණා.

 අද වර්තමාන ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කිරීමට එජාපයේ කලකිරුණු පිරිස් ශ්‍රීලනිපය සමඟ එකතු වීමේ අපේක්ෂාවෙන් සිටිනවා" යැයි චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top