May 05, 2018

'ලංකාවේ ලොකුම හොරා හිටියේත් මගේ ආණ්ඩුවේ' - චන්ද්‍රිකා

තමන්ගේ ආණ්ඩුවේ සිටී ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු ලංකාවේ සිටින ලොකුම හොරා හා අල්ලස්කාරයා බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අද (05) පැවසුවාය.

වේයන්ගොඩ නගරයේ මහජන පොළ ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ඇය එබව සඳහන් කලේ '' මැඩම්ගේ ලේකම්වරු දෙන්නෙක් ලොකු අල්ලසක් අරන් අහුවෙලා නේදැයි'' මාධ්‍යවේදියකු කල විමසිම්කදිය.

ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ හිටපු ජනාධිපතිනිය,  '' ඔව් මගේ ආණ්ඩුවේ හිටපු ජ්‍යෙෂ්ඨම ඇමතිවරයෙකුත් පසුගිය කලේ ලංකාවේ ලොකුම හොරා වුනානේ'' යයි සඳහන් කළාය.  

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් පෙරේදා අත්අඩංගුවට ගත් අයි.කේ. මහානාම හා පියසේන දිසානායක යන දෙදෙනා හිටපු ජනාධිපතියගේ පාලන සමයේ දී ඇයගේ කාර්ය මණ්ඩලයේ සිටි රජයේ නිලධාරීන් දෙදෙනෙකි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top