May 07, 2018

16 කණ්ඩායමේ එස්.බී. මඩකලපු වේදිකාවේ 

මෑතකදී ඇමති ධුරයන්ගෙන් ඉවත් වූ 16 කණ්ඩායමේ ප්‍රකාශකයා වන එස්.බී. දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් අද (07) මඩකලපුවේදී පවත්වන ලද මැයි රැලියට සහභාගී විය.

16 කණ්ඩායමේ තවත් කිහිප දෙනෙකු හිටපු ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයාගේ විවාහ මංගලෝත්සවයට සහභාගී වීම නිසා ඊට සහභාගි නොවූ අතර තවත් පිරිසක් කිසිදු මැයි රැළියකට සහභාගී නොවිය.

කෙසේ වෙතත් ගාල්ලේදී පැවැත්වෙන ඒකාබද්ද විපක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු මැයි රැලියට මෙම 16 දෙනාගෙන් කිසිවෙකු සහභාගී නොවිය. 

සබැඳි පුවත් :
ශ්‍රීලනිප රැලියට යන 16 කණ්ඩායමේ මන්ත්‍රීවරු !

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top