Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 13, 2016

මෝටර් කාර් ගෙනදෙන්නයි පොරොන්දුව : අයවැය ආවේ ත්‍රීරෝදෙටත් කෙලවෙන්නයි Featured

සම්මත අයවැය යෝජනා අතර ත්‍රී-රෝද රථ “වටිනාකම අනුව ණය දීමේ අනුපාතය” (LTV – Loan to Value Ratio) 30% සිට 75% ක් දක්වා  වැඩි කිරීමට ගෙන ඇති තීරණය මගින් ත්‍රී-රෝද රථ ලංකාවෙන් අතුගෑවී යන බව ආර්ථික විශේෂඥයන් පෙන්වාදෙති.

tw1ඒ මීට පෙර රුපියල්  650,000/- ක් පමණ ආසන්න වටිනාකමක් සහිත ත්‍රීරෝද රථයක් මිලදී ගන්නා අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ සමස්ත වටිනාකමින් 30%ක් එනම් ලක්ෂ 2 ක මුදලක් බැංකුවක් හෝ මූල්‍ය ආයතනයකට ගෙවා ඉතිරි 70% කල් බදු පහසුකමක් යටතේ ලබා ගැනීමේ හැකියාව තිබිණි.

කෙසේවුවද, මෙවර අයවැය යෝජනා මගින් එය සම්පූර්ණයෙන් වෙනස් කර කල් බදු පහසුකම් බදු 25% ක් දක්වා අඩුකර එයට අමතරව  නිෂ්පාදන බදු සහ කාබන් බද්ද විමෝචන පරීක්ෂණ ගාස්තුව ද ඇතුළත් වන 15% ක බද්දක් පනවා තිබේ.

අදාළ තත්ත්වය යටතේ අනාගතයේ දී ත්‍රීරෝද රථයේ වටිනාකමෙන් 75% ක් එනම් රුපියල් ලක්ෂ 5ක ට වඩා වැඩි දරාගත නොහැකි  මූලික ගෙවීමක් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට යන ගනුදෙනුකරුවාට ගෙවීමට සිදුවේ.

මේ කාරනාව හේතුවෙන් කුඩා ව්‍යාපාර පවත්වාගෙන යන පාරිභෝගිකයා දරුණු ආර්ථික අගාධයකට ඇද වැටෙන බවද ආර්ථික විශේෂඥ මතය වේ.

ඔවුන් පෙන්වාදෙන්නේ ත්‍රීරෝද රථය මගින් රෙදි පිළි, ආහාර වර්ග ආදිය පොළෙන් පොළට හෝ දොරින් දොරට ගොස් විකුණන ස්වයං රැකියාවන්හි නිරතවන පුද්ගලයින්ටද මින් බරපතල තත්ත්වයක් මතුකරන බවයි.

ඒ ත්‍රීරෝද රථයක ආයු කාලය වසර 3ත් 5ත් අතර ඉතා කෙටි කළක් වන බැවිනි.

ත්‍රීරෝද සංගම් පාට දේශපාලනයේ

මෙරට ක්‍රියාත්මක ප්‍රධානම ත්‍රීරෝද රථ සංගම් දෙක ක්‍රියාත්මක වන්නේ පක්ෂ දේශපාලනයට ගැතිකම්කරමින් වීම මේ තත්ත්වය තවත් උග්‍රකර ඇති බව ආර්ථික විශේෂඥ මතය වේ.

ත්‍රීරෝද රථයක මිල ඉහල දැමීමත් ත්‍රීරෝද රථයකට සැපයෙන “වටිනාකම අනුව ණය දීමේ අනුපාතය” (LTV – Loan to Value Ratio) 30% සිට 75% ක් දක්වා ඉහල දැමීමත් හේතුවෙන් ත්‍රීරෝද රථ මිලදී ගැනීම අඩුවීම නිසා එම රථ කුලී රථ සේවයේ යොදවා මුදල් උපයන්නන්ට වාසි දායක වෙතැයි යන පටු ආකල්පය මත ඔවුන් මේ අවස්ථාවේ මේ තත්ත්වයට විරෝධය නොදක්වා සිටින බවද ආර්ථික විශේෂඥයෝ කියති.

කෙසේවුවද, ඔවුන්ගේ වත්මන් ත්‍රීරෝද රථ අබලන්ව අලුත් රථ මිලදී ගැනීමට යාමේදී ඔවුන් මුහුණපාන අර්බුදය ඔවුන්ට තවමත් ඒත්තු ගැන්වී නොමැති බවද ඔවුහු කියති.tuk2

පීරිස්ලා හට්ටියේ දිය කෙළියි

අදාළ අයවැය යෝජනාවත් සමඟ ත්‍රීරෝද රථ මිලදී ගැනීම ඉහලයාම හේතුවෙන් ත්‍රීරෝද රථ මෙරටට ගෙන්වා බෙදාහරින ප්‍රධානම ආයතනයක් වන ඩේවිඩ් පීරිස් සමාගම ඇතුළු සමාගම්වලට මෙහි භායානක භාවය අවබෝධවී නොමැති බවද ඔවුන් පෙන්වාදෙති.

ඒ අදාළ, සමාගම්වල පසුගිය කාලයේ වසරින් වසර අඩුවීමට වඩා වැඩිවීම හේතුවෙන්  ඔවුන්ගේ වෙළෙඳපොල කඩා වැටීම ගැන ඔවුන්ට අවබෝධයක් නොමැති බැවින් බවද වාර්තා වේ.

ත්‍රීරෝද රථ මිලියන 5ක්

ත්‍රීරෝද රථ මිලියන 5ක් මෙරට තුළ ඇති බව වාර්තාවන අතර එසේම දිනකට මිලියන 6.5ක ජනතාවක් ත්‍රීරෝද රථ සිය ගමන් බිමන් සඳහා භාවිත කරන බව පැවසේ.

- කැළුම් ශිවන්ත

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top