Pasidol
Sathosa Ad Final Sinhala
new year 2018 sin
Dec 13, 2016

‘කැප්ටන් හැඩොක්’ මාධ්‍යවේදී ‘ටින් ටින්ට’ පහරදීම Featured

නාවික හමුදාපතිවරයා නැව් මුදවාගෙනයාමට සෘජුවම මැදිහත්වීම සම්බන්ධයෙන් සමාජ ජාලතුළ විවේචන එල්ලවීම මේවනට සීමා වී තිබුණද එලෙස පැමිණ ඔහු එහි හැසුරුණ ආකාරය සම්බන්ධයෙන් එල්ලවන විවේචන දිනෙන් දිනම වර්ධනය වෙමින් තිබේ.

එසේම ඒ අලංකලංචිය සාධාරණය කිරීමට ගිය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ආචාර්ය රංග කලංසූරිය මහතාට ද සමාජ ජාල ඔස්සේ එල්ලවන ප්‍රහාරය තියුණුවී ඇත.

ඒ අතර කැප්ටන් හැඩොක් හා ටිං ටිංගේ මේ සිද්ධියට සම්බන්ධකර සමාජ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය වන පෝස්ට්වලද විශාල වර්ධනයක් දක්නට තිබේ.

එසේ පළව තිබූ අපූරු පෝස්ට් එකකි මේ.

(උපුටා ගැනීම මාධ්‍යවේදී තිළිණ අලහකෝන්ගේ ෆේස්බුක් පිටුවෙනි)

“ පර්සියන් වරායේ නවත්තලා තියෙන යුනිකොන් නැවෙන් කොට කලිසමක් ගහගෙන කුණුහරුබ දෙසාගෙන ( බුබුළු නගින බෙලිකටු... හත්වලාමට ගහපු කලාබරේ කිව්වලු ) එලියට ආව ‘කැප්ටන් හැඩොක්’ මාධ්‍යවේදී ‘ටින් ටින්ට’ පහර දුන්න එක ගැන තොම්සන් ඇන්ඩ් තොම්සනුයි, මහාචාර්ය කැල්කියුලසුයි විරෝධය දැක්වුවාට.


ස්නෝවි බුර බුර කියන්නෙ වෙන කතාවක්. ඉස්සර ටින් ටින් දෙන කටු කාපු ස්නෝවි දැන් කැප්ටන් හැඩොක්ගෙන් ලොකු කට්ටක් ලැබිලා ඒක ලොවින ගමන් කියන්නෙ ටින් ටින්ට වරාය අස්සට ගිහිල්ලා රහස් පරික්ෂණ වැඩ කරන්න අයිතියක් නැතිලු.


ටින් ටින්ලා කරපු රහස් පරික්ෂක වැඩ නිසාම ගොඩ ගිහින් තනතුරු ලබා ගත්ත හැඩොක්ලට ස්නොවිලට ළගදිම ලොකු කට්ටක් ආයෙත් කන්න වෙනවා මේ යන විදිහට ගියොත් නම්...

කොහොම වුනත් අපි නම් කවුරු මොනවා කිව්වත් හැමදාමත් පෙනී ඉන්නෙ ‘ටින් ටින්ලා’ වෙනුවෙනුයි...

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top