Sathosa

 ''දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ. වඳින්නෙත් නෑ'' - ඇමති ෆොන්සේකා ''දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ. වඳින්නෙත් නෑ'' - ඇමති ෆොන්සේකා
May 12, 2018

''මම ජනාධිපති ගෙන් සමාව ගත්තේ නැහැ. - ඇමති ෆොන්සේකා (වීඩියෝ)

තමන් කිසිදුවිටකත් ජනාධිපතිවරයාගෙන් සමාව නොගගත් බව වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (10) අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ගත් බවට සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

හොරොව්පතාන වන අලි සුරැකුම් මධ්‍යස්ථානයෙ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ  (11) සහභාගී වීමෙන් අනතුරුව  දුටුවැව රක්ෂිතයේ පසුගිය 3 වෙනි දින හමුවු මිය ගිය දල ඇතාගේ සිරැර බැලිමට ගිය අවස්ථාවේ මධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ඔහු එබව පැවසිය.

තමන් විසින් සිදුකළ දේශපාලන නිවේදන හා ප්‍රකාශන කිසිවක් ප්‍රතික්ෂේප නොකරන බවද ඒ ස්ථාවරයේ අද මෙන්ම හෙටත් සිටින බවද ෆොන්සේකා මහතා එහිදී අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසිය.

විනාඩි 03ක ජනපති දී හමුවේ සිදුවූ දේ මෙන්න :

"සරත් ෆොන්සේකා කියන චරිතය ජීවිතයට වැඳලා තියෙන්නේ දෙමව්පියන්ටයි, ගුරුවරුන්ටයි, පූජ්‍ය පක්ෂය ටයි විතරයි. දේශපාලනඥයින්ට මම ජීවිතේට වැඳලත් නෑ. වඳින්නෙත් නෑ.

රාජපක්ෂල මාව හිරේ දාන කොට මගෙන් ඉල්ලීමක් කරා සමාව ගත්තොත් එළියට දානවා කියලා. එවෙලෙත් දණ ගහපු නැති මම දේශපාලනඥයින් ලග ගිහිල්ලා වැඳලා සමාව ගත්ත කියනවනම් මේ රටේ ජනතාව ඒවා විශ්වාස කරන එකක් නෑ.

 "කැබිනට් ප්‍රකාශ සිද්ධ කරන එක වගකිව යුතු ප්‍රකාශයක් කාටවත් කඩේ යෑමක් නොවිය යුතුයි. ඒ නිසා එවැනි ප්‍රකාශ පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා.

පහුගිය දිනවල මට නීතිය හා සාමය අමාත්‍යාංශය අහිමි කරපු දවසේ ඉඳලා මම යම් යම් ප්‍රකාශ කළා. සමහර ප්‍රකාශ වල දේශපාලනික වශයෙන් සමහරු විවේචනය වුණා.

ඉතින් ඒවා හරහා මට ලැබුණු බලවේගයක් මත මම ජනාධිපතිතුමාගෙන් වැඳලා සමාව ගත්ත කියල තමයි කියන්න හදන්නේ. ඒකතාව සම්පූර්ණ බොරු.

මමයි මලික් සමරවික්‍රමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි අගමැති කාර්යාලයේ සාකච්ඡාවක් තිබුණා. එතැනදී ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපි හිත හොඳින් හිටපු කට්ටියනෙ අපි හිතවතුන් ඒ නිසා අපි අතර ප්‍රශ්න තියනවනම් මාධ්‍යයට කියන්න අවශ්‍ය නෑනේ මීටින් වල කියන්නත් අවශ්‍ය නෑනෙ කියලා.

එතකොට මම ප්‍රකාශ කළා තිබුණ වාතාවරණය මත එවැනි දේවල් සිද්ධ වුණා අපිට ඉදිරියට එකට වැඩ කරන්න පුළුවන් කියලා. විනාඩි තුනක සාකච්ඡාවක් එච්චරයි සිද්ධ වුණේ."

සබැඳි පුවත් :
ෆොනී ජනපතිගෙන් සමාව ගනී

ජනාධිපතිගෙන් සමාව ගන්නැයි ෆොනීට ඇතුළෙන්ම බලපෑම් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top