'හරි නායකත්වයක් නොමැතිව රනිල් නායකත්වය හැර ගියොත් පක්ෂය අරාජික වෙන්න පුළුවන්'- ඇමැති මංගල 'හරි නායකත්වයක් නොමැතිව රනිල් නායකත්වය හැර ගියොත් පක්ෂය අරාජික වෙන්න පුළුවන්'- ඇමැති මංගල
May 13, 2018

'ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසුම පුද්ගලයා රනිල්' - මංගල  Featured

2020 දී ජනාධිපති ධුර අපේක්ෂකත්වය සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. 

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට මත පළ කරන ඇතැමුන් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ අය වීම හාස්‍යයට කරුණක් බව හෙතෙම පෙන්වා දෙයි. 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් වෙනුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමිනි. වැඩසටහන අද (12) මාතර දී පැවැත් විණි.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසිය.

රනිල් යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො:

‘‘අසූව දශකයේ අග භාගයේ දී මට මතකයි සිරිමාවෝ මැතිණියට විරුද්ධව අනුර බණ්ඩාරනායක මහතා ගෙන ගිය වැඩ පිළිවෙළ. එදා මැතිණිය නායකත්වය දාල ගියෙ නැත්තෙ ඒකට තියෙන ලෝබකම නිසා නෙවෙයි, හරි නායකත්වයක් නොමැතිව නායකත්වය හැර යාමෙන් පක්ෂය අරාජික වෙන්න පුළුවන් අවදානම තේරුම් අරගෙනයි. අද රනිල් වික්‍රමසිංහ මහතාට යන්න ඕනෙ කියන වැඩි දෙනා පොහොට්ටුකාරයො. 

මට මතකයි 1998 - 99 වකවානුවේ දී චන්ද්‍රිකා ජනාධිපතිනිය දෙවැනි වරට ජනාධිපති ධුරය වෙනුවෙන් තරග කරන කාලෙ මමයි රනිල්ට බෑ කියල පෝස්ටර් ගැහුවෙ ගමක් ගමක් ගානෙ. 

ඒ මොකද අපි දැක්ක රනිල්ට ඇත්තට ම පුළුවන්, අපට සිටින ලොකුම අභියෝගය එයා කියල. ඇත්තට ම එහෙම අභියෝගයක් නැත්තං ඇයි අපි බෑ කිය කිය පෝස්ටර් ගහන්නෙ. 

ඒ වගේ තමයි අද තත්ත්වයත්. ඒක නිසා ඉතාම පැහැදිලියි මීළග ජනාධිපතිවරණයේ දී ඊට සුදුසුම අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා විතරමයි කියන දේ මම කියන්න කැමැතියි. ''

ගැලරියේ අත්පොලසන් වෙනුවෙන්:

ගැලරිය පිනවන්නෙ නැතුව රට ගමන් කළ යුතු සැබෑ දිශාව දන්නා නායකත්වය ඔහුයි. එදා මම මුදල් ඇමැති වෙලා හිටිය නම් ගැලරියේ අත්පොලසන් වෙනුවෙන් මේ තරම් සහන ලබා දෙන්න යන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය වෙන්නෙ මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට, අධ්‍යාපනයට වැය කරන්න තියෙන මුදල්. 

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සහ පළාත් පාලන නියෝජිතයෝ සහ විශාල පිරිසක්  එක්ව සිටියහ. 

Mangala Mic 1

Mangala Mic 2

Mangala Mic 3

Mangala Mic 4

Mangala Mic 5


සබැඳි පුවත් :

යළි පොදු අපේක්ෂකයකුට ඉඩ දෙන්නේ නෑ- එජාප පසුපෙළ කියයි 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top