Pasidol

Sathosa

May 14, 2018

රූපවාහිනියේ සභාපති ඉල්ලා අස්වී ජාතික වැඩකට අතගසයි !

ජාතික රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර අද සවස 2.00ට එම ආයතනයේ සේවකයින් ඔහු කල සේවය අගයමින් විශේෂ සුහද හමුවක් සංවිධානය කර තිබේ.

රවී ජයවර්ධන මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත යොමුකර ඇත. පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එහි සඳහන් වේ.

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් ආරම්භ කල 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපා‍රයේ ආරම්භක ප්‍රධානියකු ලෙස කටයුතු කල නීතිඥ රවී ජයවර්ධන මහතා යලි එම සංවිධානයේ කටයුතු සඳහා පුර්නකාලික නිරතවීමට තීරණය කර ඇතැයි පැවසේ.

රූපවාහිනී සභාපතිවරයකු ඉවත්ව යන අවස්ථාවක එහි සේවකයන් සුහද හමුවක් පවත්වන පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

රවී වසර් විශිෂ්ටතම පුරවැසියාත් වෙයි !

මේ අතර, දිස්ත්‍රික් 306 ඒ එක සිංහ සමාජයේ වාර්ෂික සම්මන්ත්‍රණයේදී
ජාතික රූපවාහිනියේ සභාපති නීතිඥ රවී ජයවර්ධන මහතා වසරේ විශිෂ්ටතම පුරවැසියාට (මාධ්‍ය හා ජන මාධ්‍ය අංශය) හිමි සම්මානයෙන් පසුගිය දා පිදුම් ලැබීය.

"පරිස්සමෙන් ගිහින් එන්න" මාර්ග ආරක්ෂක වැඩසටහන රටට හඳුන්වාදීම වෙනුවෙන් මෙම සම්මානය ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ලබා දෙන ලදී.

ඔහුට එම සම්මානය පිදුම් ලැබූ අවස්ථාව.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top