''ජනාධිපතිතුමා විවේචනය කරලා මේ ආණ්ඩුව තුළ නැති අවුල් හදන්න එපා. මොකද දැනටත් එතුමා අපේ ජනාධිපතිතුමා'' - ඇමති මංගල   ''ජනාධිපතිතුමා විවේචනය කරලා මේ ආණ්ඩුව තුළ නැති අවුල් හදන්න එපා. මොකද දැනටත් එතුමා අපේ ජනාධිපතිතුමා'' - ඇමති මංගල 
May 15, 2018

'මෛත්‍රී කල කැපකිරීම අමතක නොකළ යුතුයි' - මංගල   Featured

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එදා ජිවිත පරිත්‍යාගයෙන් කල කැපකිරීම කිසිවකු විසින් අමතක නොකළ යුතු බව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් පළාත් පාලන ආයතනයන්ට තේරී පත්වූ නවක මහජන නියෝජිතයන් වෙනුවෙන් සංවිධානය කළ හමුවකට සහභාගි වෙමින්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

''කවුරු මොනවා කිව්වත් මෛත්‍රිපාල සිරිසේන මහතා විශාල කැපකිරීමක් කරලා තමයි අපේ පොදු අපේක්‍ෂකයා බවට එදා පත් වුණේ. එතුමා ජීවිතය කැප කරලයි ඒ තීන්දුව ගත්තේ.

වැරදිලාවත් එදා බොහෝ දෙනා හිතපු විදියට පරාද වුණා නම් මම හිතන්නේ එදා ෆොන්සේකා මැතිතුමාටත් වඩා මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් පළි ගන්නවා. 

එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගේ ඡන්දයෙන් තමයි එතුමාව අපි දිනෙව්වේ. එතුමා ඒ කාරණාව අමතක කරලා නෑ. ජනාධිපතිතුමා විවේචනය කරලා මේ ආණ්ඩුව තුළ නැති අවුල් හදන්න එපා. මොකද දැනටත් එතුමා අපේ ජනාධිපතිතුමා.

අපි ඉදිරියේදී අපේ එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙක් පත්කර ගත්තත් අපි එතුමාට දිය යුතු ස්ථානය ඉදිරියටත් ලබා දෙනවා. '

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top